Responsive image
English site
English site

දිනය: 06-09-2018 | වේලාව: ප.ව 01:43 | 36

ගිනි සිළුව රැගත් පෙරහැර ජනපති ප්‍රධානත්වයෙන් ගමන් අරඹයි

30 වන මහවැලි කී‍්‍රඩා උලෙළේ ගිනි සිළුව රැගත් රථ පෙරහැර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) උදෑසන කොළඹ නිදහස් චතුරශ‍්‍රය අසලින් ආරම්භ කෙරිණි. 

මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා කෞශල්‍යයන් ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂිකව සංවිධාන කෙරෙන මහවැලි කී‍්‍රඩා උලෙළ 30 වන වරටත් සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේ දි පැවැත්වෙයි. 

සර්ව ආගමික ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගිනි සිළුව දල්වනු ලැබීමෙන් අනතුරුව 30 වැනි මහවැලි ක‍්‍රීඩා උලෙළේ ගිනිසිළුව රැගත් චාරිකාව නිල වශයෙන් ආරම්භ කෙරිණි. 

පෙරගමන් රථ, යතුරු පැදි, ගිනි සිළුව රැගත් ධාවකයන්, ත‍්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් සහ මහවැලි කලාප නියෝජනය කරමින් පිරිස් මෙම ගිනි සිළුව රැගෙන යන චාරිකාවට එක්ව සිටිති.

කිලෝ මීටර් 1111 ක මඟ ගෙවා මහවැලි ගම්මාන 111 ක් පසු කරමින් කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා යන එම ගමනේ දී මග දෙපස ගොවිබිම් සරු කරනු වස් කොස් පැළ 111111 ක් ප‍්‍රදානය කිරිමේ රුක් රෝපණ වැඩසටහනක් ද සංවිධාන කර තිබෙන අතර එහි සමාරම්භය සනිටුහන් කරමින් නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේ කොස් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ජාතික ආර්ථිකයට මහවැලි සංවර්ධන ව්‍යාපාරය දක්වන දායකත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම රැක් රෝපණ වැඩසටහන සංවිධාන කර තිබේ. 

මහවැලි රාජ්‍ය අමාත්‍ය විරකුමාර දිසානායක, රාජ්‍ය ඇමතිනි ශ‍්‍රීයානි විජේවික‍්‍රම, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් ද ති‍්‍රවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් සහ මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

 

මූලාශ්‍ර