Responsive image
English site
English site

දිනය: 17-07-2019 | වේලාව: ප.ව 12:18 | 99

ගෙදරදීම මිදි වයින් එකක් හදාගන්නේ මෙහෙමයි

අපි අද සවනෙන් කියලා දෙන්න යන්නේ ගෙදරදීම කොහොමද රසට  මිදි වයින් එකක්  හදාගන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :

    කලු හෝ රතු මිදි කිලෝ 1
    සීනි කිලෝ 1 ½
    වතුර බෝතල් 3
    යීස්ට් තේ හැදි 3
    කුරුදු පොත්තක්
    සාදික්කා ස්වල්පයක්

සාදන ක්‍රමය :

    වතුර උතුරවා එයට සීනි දමා දියකර නැවත උතුර වන්න. නිවෙන්න තබන්න.
    මිදි වල ඇට ඉවත් කර හොදින් පොඩි කරමින් යුෂ අරගන්න.
    යීස්ට් වලට සීනි මේස හැන්දක් දමා ලා උණුසුම් වතුර කෝප්ප 1/2 ක මිශ්‍ර කර පිපෙන්න විනාඩි 10 තබන්න.
    දැන් සීනි ද්‍රාවණය, මිදි යුෂ වලට මිශ්‍ර කර, කුරුදු පොත්ත සහ සාදික්කා දමා අවසානයට යීස්ට් එකතු කර සතියක් පමණ වසා තබන්න.
    8 වන දිනයේ ලී හැන්දකින් හොදින් කූරු ගා නැවත දින දෙකක් පමන තබා, රෙදි කඩකින් හෝ පෙරනයකින් පෙරන්න. වර්ණ ගැනීමට කැරමල් කෝප්පයක් එකතු කරන්න.

කැරමල් එක සදහා:

    සීනි 125g කට වතුර මේස හැන්දක් දමා කූරු නොගා ලිපේ තබා දුඹුරු පාට වන තුරු භාජනය සොලවමින් සීනි ටික කරකර උනුවතුර කෝප්පයක් දමා දිය කර ගන්න. මෙය වයින් මිශ්‍රණය ට එක් කර බෝතල් කරන්න.

 

මූලාශ්‍ර