Responsive image
English site
English site

දිනය: 11-07-2019 | වේලාව: ප.ව 02:58 | 31

ගොවීන්ට මෛත්‍රීගෙන් වායු රයිෆල්

වගාවන්ට වන හානිය අවම කර ගැනීම සඳහා මධ්‍යම පළාතේ ගොවි ජනතාව වෙත වායු රයිෆල් 100 ක් ලබා දීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් සිදු කර ඇත.

ඊයේ (10) දින පළාත් ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී මෙම කටයුත්ත සිදු කර ඇත.

මධ්‍යම පළාතේ ගොවි ජනතාව විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහත්ගෙන්, තමන්ගේ වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම සදහා කිසියම් වැඩසටහනක් ක්‍රියාත්මක කර දෙන මෙන් ඉල්ලීමක් කල අතර,එම ඉල්ලීම මත ආණ්ඩුකාරවරයා විසින් මෙසේ වායු රයිෆල් ලබා දීම සිදු කර ඇත.

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයට උපදෙස් ලබාදෙමින් මහනුවර, නුවරඑළිය, මාතලේ යන දිස්ත්‍රික්ක නියෝජනය කරන ගොවි මහතුන් වෙත 50% ක ගොවි දායකත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය සහිත වායු රයිෆල් 100 ක් ලබා දී තිබේ.

 

මූලාශ්‍ර