Responsive image
English site
English site

දිනය: 12-08-2019 | වේලාව: පෙ.ව 08:24 | 26

ගෝඨාභය අද අනුරාධපුරයට

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයන් අද (12) අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව අද රාත්‍රි 7.00ට රුවන්වැලිමහා සෑය අභියස පැවැත්වෙන ආශීර්වාද පුජාවකට මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් එක්වනු ඇති.

ඉන් අනතුරුව හෙට (13) උදෑසන මෙම පිරිස ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිත බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් සදහන් කළේය.

 

මූලාශ්‍ර