Responsive image
English site
English site

දිනය: 13-08-2019 | වේලාව: පෙ.ව 08:53 | 23

ගෝඨාභය අද විශේෂ ආගමික වැඩසටහනකට එක් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද(13) උදෑසන අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනක් සඳහා සහභාගී වෙයි.

අනතුරුව මිරිසවැටිය, ලංකාරාමය, අභයගිරිය ඇතුළු ආගමික ස්ථාන වැදපුදා ගැනිමටත් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමටත් නියමිතයි.

ඊයේ(12) පස්වරුවේ රුවන්වැලි මහා සෑය අභියස පැවැති ආගමික වැඩසටහන් කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා.

එහිදී අදහස් දැක්වූ රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ ගමන් මග නිවැරදිව යනතෙක් මහා සංඝරත්නයේ ආශිර්වාදය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වන බවයි.

 

මූලාශ්‍ර