Responsive image
English site
English site

දිනය: 17-04-2019 | වේලාව: ප.ව 04:34 | 60

ගෝඨාභය නැති වුනාට තව රාජපක්ෂවරු ඉන්නවා

හිටුපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි  ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට තවත් රාජපක්ෂවරුන් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් චන්ද්‍රෙස්න මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බව නිසා විවිධ ක්‍රම යොදා ගනිමින් එය වැලැක්වීමට උත්සහ කරන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂට අපෙක්ෂකයෙක් නම් කරගැනීමට නොහැකිව සිටින බවත් එක් එක් අය පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම් පවසමින් සිටින බවත් ප්‍රකාශ කළේය.

මූලාශ්‍ර