Responsive image
English site
English site

දිනය: 23-07-2019 | වේලාව: පෙ.ව 08:27 | 52

චන්ද්‍රයාන් 02 සාර්ථකව නික්මේ

ඉන්දියාවේ  චන්ද්‍රයාන් දෙක අභ්‍යාවකාශ යානය ආන්ද්‍ර - ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකොටා ගනන මධ්‍යස්ථානයෙන් ඊයේ  (22) පස්වරුවේ සාර්ථක ලෙස  අභ්‍යාවකාශගත කෙරුණා.
මීට සතියකට පමණ පෙර යානය අභ්‍යාවකාශගත කිරීමට සැලසුම් කර තිබුනත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය කල්දැමීමට සිදු වුණා.
ටොන් 640 ක දැවැන්ත රොකට්ටුවක් මගින් පෘථිවි කක්ෂයට යොමු කළ චන්ද්‍රයාන් දෙක යානය  දින 23ක් උඩු ගුවනේ සැරිසැරීමෙන් අනතුරුව  චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වීමට නියමිතව ඇති අතර මේ වෙනුවෙන් ඉන්දියාව වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වනවා.
චන්ද්‍රයාගේ දක්ෂිණධ‍්‍රැවයට ගොඩබස්සවන පළමු අභ්‍යාවකාශ යානය  මෙය වන අතර  යානය කක්ෂගත කිරීම සාර්ථක වුවහොත් සඳ මතට යානයක් ගොඩබස්සවන හතර වන රට බවට ඉන්දියාව නොබෝ දිනකදී පත්වනු ඇති.

මූලාශ්‍ර