Responsive image
English site
English site

දිනය: 08-07-2019 | වේලාව: පෙ.ව 10:37 | 75

චොක්ලට් වලින් රස බීමක් හදමුද?

අපි කවුරුත් ආසම  කෑමක් තමයි චාෙක්ලට් කියන්නේ. චොක්ලට් වලින් රසම රස කෑම හදනවා වගේම බීම ජාති හදන්නත් පුළුවන් කියලා අපි හැමෝම දන්නවනේ. මේ කියන්න යන්නේ තවත් රසම රස චොක්ලට් බීමක් හදාගන්න හැටි.ඒකට  අවශ්‍ය වෙන්නේ මෙන්න මේ  දේවල්
 
    ඩාර්ක් කුකින් චොකලට් 50g
    කිරි කප් 1/2
    සීනි තේ හැඳි 2
    ක්ශණික කෝපි තේ හැඳි 2
    චොකලට් සිරප් තේ හැන්දක්
    සැරසීමට විප්ඩ් ක්‍රීම් සහ කොකෝවා පව්ඩර් ටිකක්

 

 චොකලට්, කිරි සහ සීනි එක් කර බඳුනක දමා රත් වෙන්න තබන්න. චොකලට් දිය වෙන තුරු හැඳි ගාමින් මිශ්‍ර කරගන්න. මදගින්නේ තබාගන්න.
 ලිපෙන් ඉවත් කර කෝපි සහ චොකලට් සිරප් එක් කර කෝප්ප වලට දමා උඩින් විප්ඩ් ක්‍රීම් සහ කොකෝවා පව්ඩර් ඉස පිලිගන්වන්න.

  උපුටා ගැනීමකි

 

මූලාශ්‍ර