Responsive image
English site
English site

දිනය: 17-10-2018 | වේලාව: ප.ව 12:47 | 50

ජනකරළිය නාට්‍ය තුනක් අනුරාධපුරයේදී

ජනකරළිය සංස්කෘතික පදනම විසින් නිර්මාණය කළ ‘තිත්ත කහට’, ‘හිරු නැගෙනතුරු’ සහ ‘අඳුර සහ එළිය’ යන නාට්‍ය තුන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයීය නව රංගශාලාවේදී රංගගත වෙයි.

ඔක්තෝබර් මස 17 වැනි බදාදා ‘තිත්ත කහට’ නාට්‍යය සවස 2.30 ට සහ 6.30ට ද, ‘හිරු නැගෙනතුරු’ සහ ‘අඳුර සහ එළිය’ නාට්‍ය දෙක 18 වැනි බ‍්‍රහස්පතින්දා සවස 6.30ටද රඟදැක්වෙනු ඇත.

ජනකරළිය නිර්මාතෘ පරාක‍්‍රම නිරිඇල්ලගේ මෙහෙයවීම යටතේ ජනකරළිය නාට්‍ය කණ්ඩායම විසින් නිර්මාණය කළ මෙම නාට්‍ය තුන සංවිධානය කරනු ලබන්නේ අනුරාධපුරයේ ‘සුලවත් පවුර’ සංවිධානය විසිනි.

රාසයියා ලෝහානන්දන්, සුමුදු මල්ලවආරච්චි, සෙල්වරාජ් ලීලාවතී, අජන්ත ශාන්තකුමාර්, සරත් බානගල, අරෝෂා තරංගනී, දෙව්රාන් ශ්‍රී ලිවේරා, ඉනෝකා ලංකාපුර, රුවිනි ඩිලන්ති, ප‍්‍රනීත් ජීවන්ත, විජිත් හෙට්ටිගේ, පාලිත අබේලාල්, අමිල දිනේෂ් කුමාර, තිලිණි නිමේෂා සහ මදීරා උදීෂානි යන ජනකරළිය ශිල්පීහු මෙම නාට්‍ය ත්‍රිත්වයට රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වෙති.

උපුටා ගැනීමකි

මූලාශ්‍ර