Responsive image
English site
English site

දිනය: 13-12-2018 | වේලාව: ප.ව 05:24 | 124

ජනපතිගේ ගැසට්ටුව අවලංගුයි - අධිකරණයෙන් තීන්දුවක්

පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා ඉකුත් නොවැම්බර් මස 09 වැනිදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම තීන්දුව විනිසුරුවරුන් හත්දෙනාගේම එකමතික තීන්දුවක් වීම විශේෂත්වයකි.