Responsive image
English site
English site

දිනය: 19-09-2019 | වේලාව: පෙ.ව 08:17 | 77

ජනපතිවරණයට ඇප මුදල් භාරගැනීම අද සිට

 

ජනාධිපතිවරණය සදහා ඇප මුදල් භාරගැනිම අද (19) ආරම්භ වෙයි.

ලබන මස 06 වනදා දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මේ වන විට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 18ක් පමණ ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මහතා ද, පෙරටුගාමි සමාජවාදී පක්ෂය දුමින්ද නාගමුව මහතා ද, අපේක්ෂකයන් ලෙස නම් කර ඇත.

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්විමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරුණි.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 වනදා පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා සිදු කිරිමට නියමිතයි.

 

මූලාශ්‍ර