Responsive image
English site
English site

දිනය: 07-09-2018 | වේලාව: පෙ.ව 10:29 | 107

ජපන් භූ කම්පනයෙන් පුද්ගලයන් අට දෙනකු මියගොස් 40 දෙනෙකු අතුරුදහන්

ජපානයේ උතුරු දිග පිහිටි Hokkaido දිවයිනට මැග්නිටියුඩ් 6.7 ක  භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් අට දෙනකු මියගොස් 40 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින කීපය තුළ බටහිර ජපානයට බලපෑ 'ජෙබී' නමින් හැඳින්වුණු දරුණු කුණාටුවත් සමගම මෙම භූකම්පනය ඇති වී තිබු අතර කුණාටුවෙන් පුද්ගලයන් දස දෙනෙකු පමණ මියගිය බව විදෙස් මාධ්‍ය සදහන් කරයි .

මෙම භූ කම්පනය නිසා සුනාමි අවදානමක් හටගෙන නොමැති බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කෙසේවෙතත් මෙම භූ කම්පනයෙන් තාප විදුලි බලය නිපදවන ස්ථානයකට හානි වීමෙන් මිලියන තුනකට ආසන්න පිරිසකට විදුලි බලය නැති විය.

ආහාර ගබඩා කරගැනීම සඳහා බොහෝ පුද්ගලයන් වෙළෙඳසල්වල දිගු පෝලිම්වල සිටින බව දැක්වෙන සටහන් සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබේ. තවත් භූ කම්පන ඇති විය හැකි යැයි ඔවුහු බියෙන් පසුවෙති.

පසු කම්පන ඇති විය හැකි බැවින් ජනතාවට අවධානයෙන් පසු වන ලෙස බලධාරීහු අනතුරු අඟවති.

 

මූලාශ්‍ර