Responsive image
English site
English site

දිනය: 25-10-2018 | වේලාව: පෙ.ව 11:16 | 46

ජය පරාජයෙන් තොර අවසානයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟය ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 321ක් ලබාගත්තේය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක විරාත් කෝලි ලකුණු 157ක් ලබාගත් අතර අම්බති රායුදු ලකුණු 73ක් ලබාගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 321ක් ලබාගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසාන පන්දුවේදී ලකුණු 05ක් ලබාගැනීමට තිබුණ ද ඔවුන්ට එම පන්දුවේදී ලබාගත හැකි වූයේ ලකුණු 04ක් පමණයි.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිම වෙනුවෙන් ශයි හෝප් නොදැවී ලකුණු 123ක් ලබාගත් අතර ශිම්රොන් හිට්මේයර් ලකුණු 94ක් ලබාගැනීමට සමත් විය.

 

මූලාශ්‍ර