Responsive image
English site
English site

දිනය: 13-03-2019 | වේලාව: ප.ව 12:01 | 50

ජෙනිෆර් ලෝපෙස් විවාහ ගිවිස ගනී

ගායිකාවක්, නිළියක් හා නිෂ්පාදකවරියක් වන 49 හැවිරිදි ජෙනිෆර් ලෝපෙස් සිය 4 වන විවාහය සඳහා ගිවිසගැනිමේ චාරිත්‍රය සිදු කළ බව බටහිර වෙබ් අඩවි වාර්තා කරයි.

ඇය මෙවර විවාහ ගිවිසගෙන ඇත්තේ ඇමෙරිකාවේ හිටපු බේස්බෝල් ක්‍රීඩකයෙකු වන ඇලෙක්ස් රොඩ්රීගස් සමගිනි.

ඇය මීට පෙර  ඔජානි නොආ , ක්‍රිස් ජුඩ් සහ ප්‍රකට ගායක මාක් ඇන්තනි සමග විවාහ වී සිටියාය.

 මාර්ක්ට දාව ඇයට දරුවන්  දෙදෙනෙකු සිටින අතර  2008 දී උපන් පිරිමි හා ගැහැණු නිවුන් දරුවන් වූ ඔවුන්ට දැන් වයස අවුරුදු  11 කි.

ලෝකයේ ධනවත්ම කලා ශිල්පිණියක හැටියට සැලකෙන ජෙනිෆර් ලෝපෙස් ඇමරිකානු ඩොලර් මිලියන 320 ක වත්කමක් ඇති කාන්තාවකි.

 

 

 

මූලාශ්‍ර