Responsive image
English site
English site

දිනය: 23-05-2019 | වේලාව: පෙ.ව 07:50 | 35

ඥානසාර හිමිට අද නිදහස ?

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව අද (23) ලබා දෙන බවට වාර්තා වේ.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලවූ ඥාණසාර හිමියන්ට බරපතල වැඩසහිත වසර 19 ක සිර දඩුවමක් 2018 වසරේ අගෝස්තු 18 වනදා නියම වුණේ වසර හයකින් ගෙවී යන පරිදියි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනා ඥානසාර හිමිට එරෙහිව එල්ල වී ඇත.

නඩු විභාගයේදී චෝදනා පත්‍රය කියවීමෙන් පසුව වගඋත්තරකාර ඥානසාර හිමියන් සඳහන් කර සිටියේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු වන බවයි.
කෙසේ වෙතත් අද සවස ඥානසාර හිමියන් නිදහස් කරනු ඇතැයි  වාර්තා වේ.

මූලාශ්‍ර