Responsive image
English site
English site

දිනය: 06-11-2018 | වේලාව: පෙ.ව 11:00 | 31

ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ 51 වැනි ගුණසමරුව අගමැති ප්‍රධානත්වයෙන් තංගල්ලේදී

හිටපු උප කථානායකවරයකු වන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පනස් එක් වැනි ගුණසමරු උත්සවය අද (06) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේදී සිදු කෙරිණි.

තංගල්ල නගරයේ මහවෙල මාර්ගයේ ඉදිකර ඇති ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුව අසලදී මෙම උත්සවය පැවැත්වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,  ශිරන්ති රාජපක්ෂ මැතිණිය, හිටපු කථානායක චමල් රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමේධා ජී ජයසේන, ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජී.එල්.පීරිස් මහතා ඇතුලු මන්ත්‍රීවරුන් රැසක් හා ප්‍රදේශවාසීන්ද පාසල් දරු දැරියන්ද සහභාගී විය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිස ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුව අසල මල් කළඹක් බැගින් තබා ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ ගුණ සිහි කළ අතර දකුණු පළාත් සභාවේ සභා නායක සෝමවංශ කෝදාගොඩ මහතා හා පළාත් සභා මන්ත්‍රී කපිල දිසානායක මහත්වරුන් කුරහන් පැහැති මල් මාලයක් ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුවට පැලැන්දවීය.

ඡායාරූප-අනිශා සඳමාලි

මූලාශ්‍ර