Responsive image
English site
English site

දිනය: 19-09-2018 | වේලාව: ප.ව 01:22 | 79

ඩොලරය තවත් ඉහළට

මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් අද (19) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබේ.

මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 163.8714 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 167.4125 ක් ලෙසින් සටහන් විය.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු 167 සීමාවන් ඉක්මවා ගිය  පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකිය හැකියි.

මේ අනුව පසුගිය සිකුරාදා (14) දින සිට දෛනිකව රුපියල බැගින්, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

2018 සැප්තැම්බර් 13 බ්‍රහස්පතින්දා ඩොලරයේ විකුණුම් මිල වාර්තා වූයේ රු. 163.9676 ක් ලෙසිනි.

 

මූලාශ්‍ර