Responsive image
English site
English site

දිනය: 08-11-2018 | වේලාව: පෙ.ව 10:20 | 41

තවත් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

 ඒ අනුව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙසත්  අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබු අතර සී .බී රත්නායක ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍යවරයා ලෙසත් , සාලින්ද දිසානායක දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

එස් එම් චන්ද්‍රසේන සමාජ සේවා සහ සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

අනුර ප්‍රියදර්ශන යාපා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

මූලාශ්‍ර