Responsive image
English site
English site

දිනය: 25-05-2019 | වේලාව: පෙ.ව 07:50 | 50

ත්‍රස්තවාදී සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් අත්හිටුවයි

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක මෙහෙයුම් තහනම් කිරීමට පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ,ඊයේ (24) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

 එම බැංකු ගිණුම්වල රුපියල් මිලියන 134 ක මුදලක් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මූලාශ්‍ර