Responsive image
English site
English site

දිනය: 25-05-2019 | වේලාව: ප.ව 01:54 | 54

තෝරා ගත් ප්‍රදේශ කිහිපයක අද සහ හෙට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි

දිවයිනේ තෝරා ගත් ප්‍රදේශ කිහිපයක යුධ හමුදාව අද සහ හෙට යන දෙදින තුළ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය දින වල ඇති වු තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව වැඩබලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසුවේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ හමුදා සේනාංකයක් මෙරටට පැමිණි ඇති බවට පැතිර යන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැති බව වැඩබලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යු.එන් ලෙස සඳහන් වු හමුදා රථ පෙලක් මෙරට වීදි වල ගමන් කරන ආකාරයේ දැක්වෙන ඡායාරූප සහ විඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි.

මේ සම්බන්ධයෙන් ද වැඩබලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා  අදහස් පළ කළේය.
 

 

මූලාශ්‍ර