Responsive image
English site
English site

දිනය: 14-03-2019 | වේලාව: ප.ව 02:58 | 15

දකුණුට සහ සබරගමුවට වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්

දකුණු සහ සබරගමු පළාත් සඳහා වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

සහායක සේවා හා තොරතුරු තාක්ෂණ දිසාව බාරව කටයුතු කරන ඩබ්ලිව් .එෆ් .යූ ප්‍රනාන්දු මහතා දකුණු පළාත් වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව සඳහන්ය.

මධ්‍යම හා ඌව පළාත් භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතා සබරගමුව පළාතේ වැඩබැලීම සඳහා ද පත් කර ඇති බව වාර්තා වෙයි.

දකුණු සහ සබරගමු පළාත් බාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා තාවකාලිකව පොලිස් මූලස්ථානයට මාරුකර යැවීමට පියවර ගැනීමෙන් අනතුරුව එම ධුරය පුරප්පාඩුවී පැවතුණි.

රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට රවී විජේගුණවර්ධන මහතා යටතේ පැවැති දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයට චෝදනා එල්ල වූ අතර ඊට අදාළ විමර්ශන කටයුතු හේතුවෙන් එම ස්ථානමාරුවිම සිදු කර තිබුණි.

 

මූලාශ්‍ර