Responsive image
English site
English site

දිනය: 13-08-2019 | වේලාව: ප.ව 12:19 | 33

දකුණු පළාතට සුළං වැඩි වෙයි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (13) තද සුළං තත්ත්වයක් හටගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් පමණ දක්වා ඉහල යා හැකි අතර දකුණු පළාතේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ක්ෂණිකව ඉහළ යාම සහ මුහුද ඉතා රළු වීමේ හැකියාව පවතින බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මූලාශ්‍ර