Responsive image
English site
English site

දිනය: 23-08-2019 | වේලාව: පෙ.ව 09:15 | 61

දඹුල්ල අනතුරකින් 22කට තුවාල

 

දඹුල්ල හබරණ  දිගම්පතහ ප්‍රදේශයේදී අද (23) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වු ලංගම බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී බස් රථය පෙරළී යාමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු ඇතුළු මඟීන් 22 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය විමර්ශන සිදුකරයි.

 

මූලාශ්‍ර