Responsive image
English site
English site

දිනය: 29-05-2019 | වේලාව: පෙ.ව 08:42 | 41

දිවයිනේ නිරිත දිග කොටසට අද සහ හෙට වැසි වැඩි වීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද සහ හෙට දිනයන්හිදී  අපේක්ෂා කරණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.  අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මූලාශ්‍ර