Responsive image
English site
English site

දිනය: 15-05-2019 | වේලාව: පෙ.ව 09:34 | 53

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි

බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද  ඇතිවිය හැක.

මූලාශ්‍ර