Responsive image
English site
English site

දිනය: 09-07-2019 | වේලාව: පෙ.ව 07:26 | 32

දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ජනතාව අසීරුතාවයට

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඊයේ(08) රාත්‍රීයේ පැයක පමණ කාලයක් විදුලිය ඇණ හිටීමක් සිදුව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාවට ලබාදිය යුතු හිඟ මුදල් ලබානොදීම හේතුවෙන් මෙම තත්ත්වය හටගත් බවයි.

මේ අතර විදුලිය බිද වැටීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත් වූ බව පාරිභෝගිකයින් පෙන්වා දෙයි.

විදුලි බල මණ්ඩලයට අවශ්‍ය විදුලියෙන් සියයට අසූ පහක් පමණම ලබා ගැනීමට සිදුව ඇත්තේ තාප විදුලි බලාගාරයෙන් වීම මීට හේතු වී ඇති බව ඔහු පවසයි.

ඊයේ දිනයේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබා දීමට තිබු රුපියල් බිලියන 80ක පමණ මුදල පමණ මුදල ගෙවීමට ප්‍රමාද වීම මත තෙල් සැපයීමේ සීමා කිරීමක් සිදුව ඇති බවත් ඒ හේතුව මත මෙගා වොට් 150ක පමණ ධාරිතාවයක් පද්ධතියෙන් ඉවත් වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමණාකරණය කර ගැනීමට විදුලි සැපයුම සීමා කිරීමට වු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

මූලාශ්‍ර