Responsive image
English site
English site

දිනය: 03-09-2018 | වේලාව: පෙ.ව 08:40 | 68

දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්වයක්

දිවයින පුරා  වැසි රහිත කාලගුණ තත්වයක් පවතින අතර දිවයිනේ  නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ සුළු හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර  අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව  ජනතාවගෙන්  ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස28වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින අතර අද දින (03) දහවල් 12.09 ට මැරවල, කඩිගමුව, ගල්ගමුව, රිදීගම, පුස්සැල්ල,කුඩාවිල සහ පුළුකුණාව යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

මූලාශ්‍ර