Responsive image
English site
English site

දිනය: 11-02-2019 | වේලාව: පෙ.ව 09:14 | 79

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩි වීමක්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් අද රාත්‍රියේ සිට 13  දා දක්වා වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මූලාශ්‍ර