Responsive image
English site
English site

දිනය: 22-05-2019 | වේලාව: පෙ.ව 09:11 | 70

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී.100ට වඩා තද වැසි

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුවසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මධ්‍යම,ඌව,උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත් වලත් වව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම,සබරගමුව,දකුණු සහ ඌව පළාත්වලත්කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තරමක තද වර්ෂාපතනයන්දඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලාසිටිනු ලැබේ.

මූලාශ්‍ර