Responsive image
English site
English site

දිනය: 06-11-2018 | වේලාව: පෙ.ව 08:51 | 37

දීපවාලි දිනය අදයි

අඳුරින් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපාවලි උත්සවය අදයි. විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමත්තු දීපාවලි උත්සවය සමරනු ලබනවා.

අධර්මය පරදවා ධර්මය ජයගැනීම සංඛේතවත් කරමින්  පහන් දැල්වීම දීපවාලි දිනයේ විශේෂ සිදුවීමක් වෙයි.

මේ අතර දීපවාලි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් එක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ අධ්‍යාත්මික ශික්ෂණය ප්‍රඥාව බදු ගුණාංග මිනිස් සිත් සතන් තුළ ඇතිවීමට නම් අවිද්‍යාවේ අන්ධකාරය පහවිය යුතු බවයි.

පහණින් නැගෙන ආලෝකයෙන් අයහපත නැමති අඳුර දුරු වී යහපත නමැති ආලෝකය පැතිරෙන්නා සේ ස්වකීය ජීවිතය ද ආලෝකමත් වේවා යන්න දීපාවලියේ අරුත බව ජනාධිපතිවරයා පවසයි.

දශක කිහිපයක් තිස්සේ විරසකයන් විසින් හුදකලා කරනු ලැබු අනේකවිද දුක් වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා අන්යෝනන්යි අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපවාලි උළෙල මනා පිටිවහලක් වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

දීපවාලි උත්සවය තුළින් පිළිබිඹු වන්නේ හින්දු භක්තිකයින්ගේ අධ්‍යාත්මික ගුණ වගාවත් සමාජයේ ජන කණ්ඩායම් හා පුද්ගලයන් අතර අවබෝධය සහ සංහිදියාව බව දීපවාලි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මෙම උත්කර්ෂවත් දිනයෙන් සංඛේතවත් වන්නේ අඳුර පරාජය කරමින් ආලෝකයත් අසත්‍ය පරාජය කරමින් සත්‍යයේත් නොදැනුවත්කම පරාජය කරමින් දැනුවත්කමත් ජයග්‍රහණය කිරීම බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

 

මූලාශ්‍ර