Responsive image
English site
English site

දිනය: 14-03-2019 | වේලාව: පෙ.ව 08:05 | 54

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද සිට

 

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද (14)  සිට ආරම්භ කිරිමට නියමිතය.

පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල  මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළේය.

ඒ අනුව එහි පළමු මහාධිකරණයේ කටයුතු මේ වන විට ආරමේභ කර ඇත.

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස රත්නප්‍රිය ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂි මහේන්ද්‍රන් පත් කිරීමට අගවිනිසුරුවරයා පසුගියදා පියවර ගනු ලැබීය.

ඒ අනුව දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු අද දින සිට ආරම්භ කිරීමට නියමිත අතර එහිදී පසුගිය කාලයේ සිදු වූ බරපතල මූල්‍ය දුෂණ වංචා විභාග කිරීමට නියමිතව ඇත.
 

 

මූලාශ්‍ර