Responsive image
English site
English site

දිනය: 07-03-2019 | වේලාව: ප.ව 02:04 | 17

දෙවියෝ විසින් නොදෙන දෙයක් ගැන මාලිංග කියයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේදී එහි වටිනාකම සහ ක්‍රීඩකයන්ට ලැබෙන අවස්ථාවන්වල වටිනාකම ක්‍රීඩකයන් විසින් තේරුම් ගත යුතු බව ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග පවසයි.

දකුණු අප්‍රිකාව සමඟ පැවැති දෙවන එක්දින තරගය පරාජය වීමෙන් පසු ලසිත් මාලිංග මේ අදහස් පළ කළේය.

ජාතික ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන්ට ලැබෙන අවස්ථාව දෙවියන් විසින් ලබා නොදෙන දෙයක් බවත් එය ලබා ගත යුත්තේ දක්ෂතා අතර පැමිණීමෙන් පමණක් බව නායක ලසිත් මාලිංග පෙන්වා දෙයි.

එලෙස පැමිණෙන ක්‍රීඩකින්ට අවස්ථාවන් හමුවන්නේ කලාතුරකින් බවත් එලෙස හමුවන අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජ ගත යුතු බව ලසිත් මාලිංග සඳහන් කළේය.

මූලාශ්‍ර