Responsive image
English site
English site

දිනය: 25-02-2019 | වේලාව: පෙ.ව 07:47 | 127

දේශිය කුළු බඩුවලට මුද්දරයක්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු වර්ග හතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන ප්‍රතිකාවක් හෙට (26) ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ හා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එස්. අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ඉසුහුරුපාය, 16 වන මහලේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එළි දැක්වීමට නියමිතය.

කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා යන කුළු බඩු වල සිතුවම් ඇතුළත් රුපියල් 15 බැගින් වූ මුද්දර හතරක් මෙහිදී නිකුත් කෙරේ.

 

මූලාශ්‍ර