Responsive image
English site
English site

දිනය: 12-11-2015 | වේලාව: ප.ව 02:36 | 167

ධීවර වරාය ආශ්‍රිතව ප්‍රවාහන බෝට්ටු සේවාවක්

ධීවර වරාය ආශ්‍රිතව ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම  සඳහා අවධානය යොමු වී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ එවැනි ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට අදාළව යෝජනා කිහිපයක් මේ වන විට තමන් වෙත ඉදිරිපත් වී ඇති බවයි.

පවතින දැඩි රථ වාහන තදබදයට විකල්පයක් ලෙස මෙම බෝට්ටු සේවාව යොදාගැනීම යෝග්‍ය බව පවසන දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා මුහුදුබඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් එය ප්‍රචලිත කිරීම පහසු බව ද පෙන්වාදෙයි.

ධීවර කර්මාන්තය ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදාළව  ධීවර රාජ්‍ය අමාත්‍යවරයා සහ චීන නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේය.

එම බෝට්ටු ප්‍රවාහන සේවාව සඳහා සහය ලබාදීමට ද එහිදි චීන නියෝජිතයින් කැමැත්ත පළ කර  ඇත.
 

මූලාශ්‍ර