Responsive image
English site
English site

දිනය: 21-08-2019 | වේලාව: පෙ.ව 08:15 | 67

නවසීලන්ත කාන්තා ක්‍රිකට් නායිකාව මව් පදවියට සුදානම්

මව් පදවිය ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ඇමී සැටර්ත්වෙයිට් ක්‍රිකට් පිටියෙන් තාවකාලිකව ඉවත් වී තිබේ.

ලබන ජනවාරි මාසයේදී මව් පදවිය ලැබීමේ අපේක්ෂාවෙන් පසුවීම හේතුවෙන් තමන් ක්‍රිකට් පිටියෙන් විරාමයක් ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් ඇය අද (20) ප්‍රකාශ කර ඇත.

ඒ අනුව නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් ගර්භණී භාවයට පත් වන ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් පසුගියදා හදුන්වාදුන් නව නීතිරීති මගින් පහසුකම් ලබන පළමු ක්‍රීඩිකාව බවට ඇමී සැටර්ත්වෙයිට් පත් වේ.

32 හැවිරිදි ඇමී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් එක්දින තරඟ 119කට සහ විස්සයි විස්ස තරඟ 99 කට සහභාගී වී තිබේ.

ඇය විවාහ වී සිටින්නේ නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක වන 28 හැවිරිදි ලී තහුහු සමඟයි

මූලාශ්‍ර