Responsive image
English site
English site

දිනය: 12-09-2019 | වේලාව: පෙ.ව 08:37 | 106

නාමල් අද යුග දිවියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ අද (12) විවාහ දිවියට පිවිසෙනවා.

ඔහුගේ අතගන්නේ සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහගේ දියණිය වන ලිමිණි වීරසිංහයි.

අද පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව විවාහ උත්සවය වීරකැටිය, කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.

දේශපාලනික මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රබලයින් රැසක් මෙම මංගල උත්සවය සඳහා ඇරයුම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

මූලාශ්‍ර