Responsive image
English site
English site

දිනය: 09-10-2018 | වේලාව: පෙ.ව 09:58 | 57

නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 5ක් ඉවතට

නොර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පිහිටි නිවාස පහක් නායයාමේ අවධානමක් මතු වී ඇති නිසා එම නිවාසවල පදිංචි පවුල් 5 කට අයත් සමාජිකයන් 23 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු  කළ බව නොර්වුඩ් පොලීසිය පවසයි.

හැටන් බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලි ගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ඉහළින් වු පස් කන්දක් සමඟ ඊට පහලින් පිහිටි නිවාස පහකුයි මෙසේ නායයාමේ අවධානමට ලක් වී ඇත.

එම කන්ද මේ වන විට නායයාමට සක්‍රිය වි ඇති අතර ඊට පහලින් වු නිවාසවල බිත්ති  ඉරි තලා කඩා වැටීමේ අවධාමකටද ලක් වි තිබේ.

ප්‍රධා මාර්ගයේ කොටසක්ද ඉරිතලා තිබුණු අතර නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ සේවකයින්  විසින් එම ඉරිතලා තිබු මාර්ගය ප්‍රතිසංස්කරණය කර ඇත.

ප්‍රතිසංස්කරණය කල මාර්ගය යළිත් ඉරි තලමින් පවති.

නායයමේ අවධානමක් නිසා අවතැන් වුවන් ඔවුන්ගේ ඥති නිවස්වල තාවකාලිකව නතර කර ඇති අතර, ඔහුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට අඹගමුව ප්‍රදේශිය සභාව හා නුවරඑලිය අපදා කළමණාකාරණ ඒකකය කටයුතු කර ඇත.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පතින දැඩි අයහපත් කාලගුණයට සාපේක්ෂව මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින්නේ තරමක සුළු වර්ෂාපතනයක් පමණි.

මූලාශ්‍ර