Responsive image
English site
English site

දිනය: 20-05-2019 | වේලාව: ප.ව 12:05 | 85

නැගෙනහිර පළාතට සහ දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්

නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.

උණුසුම් කාලගුණය පවතින අවස්ථාවේදී , වැඩිපුර ජලය පානය කිරීම ,සුදු හෝ ලා පැහැති ඇදුම් භාවිත කිරීම සහ අධික වෙහෙසකාරි කටයුතුවලින් ඉවත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර පළාත් 4 කට සහ දිස්ත්‍රික්ක 2 කට අද දිනයේ මිලීමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මූලාශ්‍ර