Responsive image
English site
English site

දිනය: 06-11-2018 | වේලාව: පෙ.ව 11:18 | 28

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ක් අරී

පවතින අයහපත් කාලගුණය හේතුවෙන්  පරාක්‍රම සමුද්‍රයේ  වාන් දොරටු 10න් 8ක් අඩි 4 බැගින් ද තවත් වාන් දොරටු 2ක් අඩි 2ක බැගින් ද විවෘත කර ඇත.

මේ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයට අයත් වාන් දොරටු 10න් තත්ත්පරයට ඝන අඩි 4450 ක ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදා හැරෙනු ඇත.

මේ නිසා මහවැලි ගංඟාවේ ජලය පරිභෝජනය කරන ජනතාවට වඩාත් සැලකිලිමත් වන්නැයි වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයන්ග මහතා පවසයි.

තවදුරටත් වැසි තත්ත්වය වැඩි වුවහොත් වාන් දොරටු විවෘත කරන ප්‍රමාණය වැඩි කිරීමට සිදුවන බව ද  වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.

මූලාශ්‍ර