Responsive image
English site
English site

දිනය: 24-09-2018 | වේලාව: පෙ.ව 06:36 | 85

පළාත් කිහිපයකට අද තද වැසි

දිවයිනේ පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්භාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් අපරභාගයේ හෝ සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැ කි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඌව, නැගෙනහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රිකයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ත් පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

 

මූලාශ්‍ර