Responsive image
English site
English site

දිනය: 10-04-2019 | වේලාව: පෙ.ව 08:19 | 36

පළාත් කිහිපයකට අද හවසට තද වැසි

මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ, උතුරු-මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද  වැසි ඇති විය හැකි අතර එම පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

මූලාශ්‍ර