Responsive image
English site
English site

දිනය: 31-05-2019 | වේලාව: පෙ.ව 07:38 | 58

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඇතැම් ස්ථාන වලට විශේෂයෙන්ම දකුණු පළාතේ සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල මි.මී. 100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකිය.

වයඹ පළාතේද  වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

ඌව පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්පමණපසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇති වියහැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මූලාශ්‍ර