Responsive image
English site
English site

දිනය: 26-08-2019 | වේලාව: පෙ.ව 08:55 | 50

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මද වැසි ඇති විය  හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව , දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. (50-75) ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.

උතුරුසහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මූලාශ්‍ර