Responsive image
English site
English site

දිනය: 01-10-2018 | වේලාව: ප.ව 03:46 | 58

පළාත් කිහිපයකට තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්, වයඹ, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන අතර මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇත.

දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම,ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 ත් අතර තද වැසි ඇති විය හැක.

 

මූලාශ්‍ර