Responsive image
English site
English site

දිනය: 05-11-2018 | වේලාව: පෙ.ව 10:08 | 44

පළාත් කිහිපයකට වැසි තත්වයේ වැඩි වීමක්

දිවයිනේ  නැගෙනහිර, ඌව සහ උතුරු මැද පලාත්වල වැසි තත්වයේ වැඩිවීමක් අද රාත්‍රියේ  සිට ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

ඌව, දකුණු සහ මධ්‍යමපළාත්වලත්, මඩකලපුව, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාන වලට    මි. මී. 100-150 පමණ තද වැසි ඇති විය හැකිය.

ඒ හේතුවෙන්  මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.

 

මූලාශ්‍ර