Responsive image
English site
English site

දිනය: 13-05-2019 | වේලාව: පෙ.ව 09:34 | 25

ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්

ත්‍රිකුණාමලය,මන්නාරම,වව්නියාව,මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට අද (13) උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරුමැද පළාතේ ස්ථාන කිහිපයකට මෙන්ම මඩකලපුව, අම්පාර, කුරුණෑගල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ජනතාවද මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව  වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අද දිනයේදී  බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00න් පසුව  තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මූලාශ්‍ර