Responsive image
English site
English site

දිනය: 16-09-2019 | වේලාව: පෙ.ව 08:13 | 53

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වැසි සහිත තත්ත්වය සමග  ඇහැළියගොඩ,  අඹගමුව,  බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

මේ අතර බදුල්ල සොරනාතොට ප්‍රදේශයේ ගල්පෙරලීම් වාර්තා වීම හේතුවෙන් පවුල් 88 ක් තාවකාලිකව ඉවත් කර තිබේ.

ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යමසහ වයඹ පළාත් වලට මිලිමීටර් 150ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයද සඳන්හන් කළේය.

ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වලට මිලිමීටර් 100 ට වැඩි  තදවැසි ඇතිවිය හැකි අතර  ගතවු කාලය තුළ කළුතර, රත්නපුර,නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට තදවැසි ඇති වී තිබේ.

පවතින වර්ෂාවත් සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පහත්බිම් සහ අතුරු මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.

 

මූලාශ්‍ර