Responsive image
English site
English site

දිනය: 15-05-2019 | වේලාව: පෙ.ව 09:08 | 53

පාකිස්ථාන පරදා එංගලන්තය ජය ගනී

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තුන්වන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 06 කින්  ජය ගැනීමට  එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

කාසියේ වාසියේ දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය පාකිස්ථාන කණ්ඩායමට ලබා දුනි.

පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 358ක් ලබා ගත්තේය.

එහිදී ඉමාම් උල් හක් ලකුණූ 151ක් ලබා ගැනිමට සමත් වුණි.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 05ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 359ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

එම ඉනිම වෙනුවෙන් ජොනි බෙයාර්ස්ටෝ ලකුණු 128ක් ලබා ගත්තේය.

මූලාශ්‍ර