Responsive image
English site
English site

දිනය: 12-09-2019 | වේලාව: ප.ව 03:45 | 53

පාන් නැවත පරණ මිලටම

පාන් රාත්තලක මිල රුපියල් 2කින් ඉහළ දැමීම ගත් තීරණය ක්‍රියාත්මක නොවන බවත්, පැවති මිලටම අලෙවි කෙරෙන බවත් බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ පිටි මිල පහළ දැමීමට එම සමාගම තීරණය කිරීමත් සමඟ මෙලෙස මිල අඩු කිරීමට කටයුතු කරන බවයි. 

ග්‍රෑම් 450 පාන් ගෙඩියක පසුගිය 6වන දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළේය.

 

මූලාශ්‍ර