Responsive image
English site
English site

දිනය: 02-11-2018 | වේලාව: පෙ.ව 11:09 | 49

පාර්ලිමේන්තුව කැදවන දිනය ගැන කතානායක කියයි

 

පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට ජනාධිපතිවරයා විසින් එකඟතාවයකට පැමිණි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කථානායක කරූ ජයසූරිය  මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අද (02) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව ආරම්භ වී තිබේ.

නොවැම්බර් මස 16 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබුණ ද තමා සමඟ සිදු කළ සුහද කථා බහෙන් පසුව පාර්ලිමේන්තුව ලබන සතියේ කැඳවීමට එකඟතාවය පළ කළ සිටි බවත්, පැවසූ කරූ ජයසූරිය මහතා පසුව එම දිනය 7 වන දා බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව වහාම කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසුකච්චි, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ කළ ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ ස්ථාවරය දැක්වීම සඳහා මෙම හමුව අද දිනයේ දී පවත්වා තිබේ.

 

මූලාශ්‍ර